ගී පද
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
කියඹු ලතා නළලෙ වැටී නව රසයක් මුහුණෙ සැදී
කොමළ පාද තිය තියා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
හිරු පිබිදෙයි ඔබ දකින්ට
මුළු ගම රට වෙයි මිහිරෙන් විහඟ ගීත ගමේ සදා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
උදනැක්කේ වතුර සොයා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
ළිඳ වටකර කබර ගොයා කකුල කාපි දියබරියා