නීල නුවන් මානෙල් මල්niila nuwan maanel mal

Nila Nuwan Manel Mal

Lyrics

නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන් සඳවෙයි ගමනින් නා ළිය පරදන
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා

කියඹු ලතා නළලෙ වැටී නව රසයක් මුහුණෙ සැදී
කොමළ පාද තිය තියා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා

හිරු පිබිදෙයි ඔබ දකින්ට
මුළු ගම රට වෙයි මිහිරෙන් විහඟ  ගීත ගමේ සදා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා

උදනැක්කේ වතුර සොයා
ටිකිරි ළියා ටිකිරි ළියා කළෙත් අරන් ළිඳට ගියා
ළිඳ වටකර කබර ගොයා කකුල කාපි දියබරියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.