ගී පද
නිල් නුවන් හස කැලුම්
පවසමින් පෙම් හැඟුම්
ජීවිතයේ යෞවනයේ දකිනා
සුර ලඳුන් සෙනෙහසින්
මගේ පැතුම් සරසමින්
මා දෙනෙතේ මා මනසේ රැඳුනා
හද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා තාම මැවේ
නොබිඳී නොමැකී ඒ මතකේ
සිතු ලෙසින් සැනසෙමින්
නිදහසින් නැලවෙමින්
මගේ දිවියේ ඒ යුගයේ තිබුනා
දහසකින් සුව දසුන්
පහසකින් ලද රසින්
මෝහනයේ සත්සරයේ බැඳුනා
හද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා තාම මැවේ
නොබිඳී නොමැකී ඒ මතකේ ////