ගී පද
නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ
දෙතොලග මැවෙනා ඔය සිනා පෙළත් ඇගේ වාගේ
(සත්තයි මං ආදරේ කළා නුඹ දැක
ඈගේ සෙනේ සිහිවෙලා....//)
නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ.......
නින්දක් නෑ නෙත් පියවෙන්නෙත් නෑ
නුඹ දකිනා තුරු ඉවසිල්ලක් නෑ
හමු වී ළං වී දොඩනා නුඹ මට
(හිමිවන තුරු මගේ හද සැනසෙන්නෑ......//)
නිල් නෙතු ඔබගේ.......
සසල සිතක් තුළ නතර වෙලා ගිය
මගේ ළඟින් සැක ආදරේ
යළි ආයෙත් මා සොයා ඇවිදින්
(මිරිඟුවකි මේ ආදරේ......//)
නිල් නෙතු ඔබගේ.......