නිල් නෙතු ඔබගේnil nethu obagee

Nil Nethu Obage

Music:
සිනෙත් මාලකsineth maalaka
Lyrics:
සුසිකා චමීරsusikaa chamiira

Lyrics

නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ 
දෙතොලග මැවෙනා ඔය සිනා පෙළත් ඇගේ වාගේ
(සත්තයි මං ආදරේ කළා නුඹ දැක 
ඈගේ සෙනේ සිහිවෙලා....//)
නිල් නෙතු ඔබගේ ඇගේ වාගේ.......

නින්දක් නෑ නෙත් පියවෙන්නෙත් නෑ 
නුඹ දකිනා තුරු ඉවසිල්ලක් නෑ
හමු වී ළං වී දොඩනා නුඹ මට 
(හිමිවන  තුරු මගේ හද සැනසෙන්නෑ......//)

නිල් නෙතු ඔබගේ.......

සසල සිතක් තුළ නතර වෙලා ගිය
මගේ ළඟින් සැක ආදරේ
යළි ආයෙත් මා සොයා ඇවිදින් 
(මිරිඟුවකි මේ ආදරේ......//)

නිල් නෙතු ඔබගේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.