ගී පද
නිදුකාණනේ යලි වඩිනු මැනේ
මේ ලෝකේ යලි ගැන සිතා
සිත් පුරා අදුරින්වෙලා ඉන්නා මේ අපි ගැන සිතා
මියැදිලා ගුණදම් මෙදා බුදුබණද අමතක වෙලා
අනුකම්පාවෙලා අපි ගැන සිතා වඩිනු මැනවි නිදුකාණනි
අපි අසරනවෙලා කරුණා ගුන යොමා
මුදවාගන්න යලි එනු මැනේ
සරණක් දෙන්න බුදු හිමියනේ
බුදු බණ නිසා සැනසුනා දෙව්බඹු පවා
මුලු මිහිතලය කම්පා වුණා
මෝහෙන් මුලා වී මෙදා සංසාරයේ
තණ්හාවෙන්ම මුසපත් වෙලා
ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහු අපේ
සිතුවිල්ලක්ම යටපත් වෙලා
අනුකම්පාවෙලා ..........
මේ කාලයේ වැඩ ඉදන් කරුණා තෙමා
භව දුක් ගැනම දෙසනු මැනේ
පෙරනම් නොවේ දැන් තමා ධර්මයෙන් ඔබේ මේ අපහටම දෙසනු මැනේ
මේ ගැන යලි සිතා දෙනු මැන දම් අමා
ඔබගේ පිහිට නිදුකාණනේ
නිදුකාණනේ ................