නිදුකාණනේ යලි වඩිනු මැනේnidhukaananee yali wadinu maenee

Nidukanane

Lyrics

නිදුකාණනේ යලි වඩිනු මැනේ    
මේ ලෝකේ යලි ගැන සිතා
සිත් පුරා අදුරින්වෙලා ඉන්නා මේ අපි ගැන සිතා
මියැදිලා ගුණදම් මෙදා බුදුබණද අමතක වෙලා
අනුකම්පාවෙලා අපි ගැන සිතා වඩිනු මැනවි නිදුකාණනි
අපි අසරනවෙලා කරුණා ගුන යොමා
මුදවාගන්න යලි එනු මැනේ
සරණක් දෙන්න බුදු හිමියනේ


බුදු බණ නිසා සැනසුනා දෙව්බඹු පවා
මුලු මිහිතලය කම්පා වුණා
මෝහෙන් මුලා වී මෙදා සංසාරයේ
තණ්හාවෙන්ම මුසපත් වෙලා
ඉස්සර වගේ නොවේ බුදු බණ ඇහු අපේ 
සිතුවිල්ලක්ම යටපත් වෙලා

අනුකම්පාවෙලා ..........

මේ කාලයේ වැඩ ඉදන් කරුණා තෙමා
භව දුක් ගැනම දෙසනු මැනේ 
පෙරනම් නොවේ දැන් තමා ධර්මයෙන් ඔබේ   මේ අපහටම දෙසනු මැනේ 
මේ ගැන යලි සිතා දෙනු මැන දම් අමා
ඔබගේ පිහිට නිදුකාණනේ 

නිදුකාණනේ ................

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.