නෙතු කඳුළු වලින් බොරු නොකර ඉදින්nethu kandulu walin boru nokara idhin

Nethu Kadulu Walin Boru Nokara Idin

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha

ගී පද

(නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්)..//

(සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්)..//
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිදු අතින් 

නෙතු කඳුළු..../

(පාසැල් සෙවණින් සමුගන්න කළින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්)..//
අවලාද හඩින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්

නෙතු කඳුළු..../