Lyrics
(නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
කිරි සුවඳ මුවින්)..//
(සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
කොයිබින්ද සිතේ අනුරාග හැඟුම්)..//
කෙලෙසින්ද නගේ පෙම්පත් ලියුවේ
මුදු සිනිදු අතින්
නෙතු කඳුළු..../
(පාසැල් සෙවණින් සමුගන්න කළින්
සිත මන්ද නගේ අඳුරේ මෙතරම්)..//
අවලාද හඩින් ගම්මානෙ පිරේ
දැන් හොඳද ඉතින්
නෙතු කඳුළු..../