ගී පද
(නෙත ගැටුනා අහඹු ලෙසින්
සිත බැඳුනා එදා පටන්
සිතුනේ නෑ අන්සතුය කියා
මට දැනුනේ මගෙම කියා...//)
අන්සතු ඔබ මට පිදූ පෙම
ඉමක් කොනක් නැති අහසක් වාගේ
ලඟින් බැඳුනු ඒ කෙටි කල
මට නම් දැන් සිහිනය වාගේ
වේදනා තමා
(ඉතිරි කළේ මට ඔබ ලඳුනේ...//)
නෙත ගැටුනා අහඹු ලෙසින්....
හැරදමා ගියත් මා හැර තරහක් නෑ කිසිදා ලඳුනේ
දෑස් පියන්නට පෙර හෝ දකින්න පින් කර ඇති ලඳුනේ
වේදනා තමා
(ඉතිරි කළේ මට ඔබ ලඳුනේ...//)
නෙත ගැටුනා අහඹු ලෙසින්....//