නෙත ගැටුනාnetha gaetunaa

Netha Getuna

Music:
උපුල් අසංකupul asanka
Lyrics:
හර්ෂ බුද්ධික සෙනවිරත්නharsha budhdhhika senawirathna

Lyrics

(නෙත ගැටුනා අහඹු ලෙසින් 
සිත බැඳුනා එදා පටන් 
සිතුනේ නෑ අන්සතුය කියා 
මට දැනුනේ මගෙම කියා...//)

අන්සතු ඔබ මට පිදූ පෙම 
ඉමක් කොනක් නැති අහසක් වාගේ 
ලඟින් බැඳුනු ඒ කෙටි කල 
මට නම් දැන් සිහිනය වාගේ 
වේදනා තමා 
(ඉතිරි කළේ මට ඔබ ලඳුනේ...//)
   
නෙත ගැටුනා අහඹු ලෙසින්....

හැරදමා ගියත් මා හැර තරහක් නෑ කිසිදා ලඳුනේ 
දෑස් පියන්නට පෙර හෝ දකින්න පින් කර ඇති ලඳුනේ 
වේදනා තමා 
(ඉතිරි කළේ මට ඔබ ලඳුනේ...//)

නෙත ගැටුනා අහඹු ලෙසින්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.