ගී පද
මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනැහිලා
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා…..
පාලුවේ වැහි බීරමේ තනිවි බලා හිඳින්නේ
කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ
මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙර දිනේ
නෑ මැකී මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ…..
මුතු මුතු වැස්‌සේ....
ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැඳෙන්නේ
රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ
මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ
ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ…..
මුතු මුතු වැස්‌සේ....