මුතු මුතු වැස්‌සේmuthu muthu waessee

Muthu Muthu Wasse

Lyrics

මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා
තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනැහිලා
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා…..

පාලුවේ වැහි බීරමේ තනිවි බලා හිඳින්නේ
කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ
මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙර දිනේ
නෑ මැකී මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ…..

මුතු මුතු වැස්‌සේ....

ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැඳෙන්නේ
රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ
මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ
ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ…..

මුතු මුතු වැස්‌සේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.