ගී පද
සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය
රුසිරු කොමලිය අභිරු සෙබළිය වී
නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා
ඉහට ඉහිලූ මුතුකුඩය සුනිමල්
මුතුද ගිලිහී නොයන සේ
බඩ මෙන් සුරැකි අන්දම්
දැයෙන් පැලඳූ උතුම් හර සුවිපුල්
සලෙල දන වෙත නොපා කුලඹර
සඳ නැගූ එ ළඳුන්
නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා
කඳුල ඇතිරූ දිවි පෙතේ හසරැල්
පැතුම් බොඳවී වැදුරු වී
ඉරනමුදු සිත අදිටන්
කුසුම් පිබිදූ අසිරි සිරි පවසම්
ලොවට එලි කල සදා විකසිත
දැය පිරූ පෙරුමන්
සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය
රුසිරු කොමලිය අභිරු සෙබළිය වී
(නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා)...//