මුතු කුඩ ටෙලි නාට්‍ය තේමා ගීතයmuthu kuda teli naatya theemaa giithaya

Muthu Kuda Teledrama Theme Song

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

Lyrics

සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය 
රුසිරු කොමලිය අභිරු සෙබළිය වී 
නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා     
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා 

ඉහට ඉහිලූ මුතුකුඩය සුනිමල් 
මුතුද ගිලිහී නොයන සේ 
බඩ මෙන් සුරැකි අන්දම් 
දැයෙන් පැලඳූ උතුම් හර සුවිපුල් 
සලෙල දන වෙත නොපා කුලඹර 
සඳ නැගූ එ ළඳුන්
නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා     
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා 

කඳුල ඇතිරූ දිවි පෙතේ හසරැල් 
පැතුම් බොඳවී වැදුරු වී 
ඉරනමුදු සිත අදිටන් 
කුසුම් පිබිදූ අසිරි සිරි පවසම් 
ලොවට එලි කල සදා විකසිත 
දැය පිරූ පෙරුමන් 

සඳුන් පිනි දිය නොනිම් ගිනි බිය 
රුසිරු කොමලිය අභිරු සෙබළිය වී 
(නැගූ කාහල බිඟුම් ප්‍රේමේ බිම පුරා     
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා)...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.