ගී පද
මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි
මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි
සිත තරණය කර ගනු- බැරි මිනිසෙකු විලසිිනි
දිවි වෙරළෙහි ළතැවීලා - හඬා වැටෙනවා
ඔබ අන්සන්තකු වනු - දුටු සිතකින් කැළඹුණු
සිත අඳුරෙහි ලතැවීලා - හඬා වැටෙනවා
අප වෙන්වන දින මතු - කිසි කළ නොවතැයි සිතු
සිත අද ඇයි වැළපෙන්නේ - හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිතු - මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළතැවෙන්නේ - හඬා වැටෙන්නේ