ගී පද
මෝනාලිසා සේම පින් තාරු කල ඇගේ දෑසා
සිතුවාද ඒ වාගේ මා දෑස රවටාවී කියා...//
ප්‍රේමාදරේ දිව්‍යාංගනා...
සෙනෙහේ පානා සිනහා පාලා
උන්මාද සරදම් කළා.....
සද මා නම් සද සාවි මගේම නෙදෝ කියා...//
ආකාසේ තරු මල් ගානේ ආදරය තවරා එදා
මගෙ සිත වැලඳ පෙම් කළ මතක
අද මෙහෙම ඇයි සගවලා.....
මෝනාලිසා සේම......
මගෙ ගීයේ පද පේළී වාගේම ඉන්නම් කියා...//
අපි ඒ නොඉදුල් සිහිනේප්‍රේමයට පුජා කළා
අද ඒ සුවඳ පරවුනු රහස පවසන්න
තව නොරිදවා....
මෝනාලිසා සේම.........