මෝනාලිසාmoonaalisaa

Monalisa

Music:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
Lyrics:
සමන් චන්ද්‍රනාත් වීරසිංහsaman chandhranaath wiirasinha

Lyrics

මෝනාලිසා සේම පින් තාරු කල ඇගේ දෑසා
සිතුවාද ඒ වාගේ මා දෑස රවටාවී කියා...//
ප්‍රේමාදරේ දිව්‍යාංගනා...
සෙනෙහේ පානා සිනහා පාලා
උන්මාද සරදම් කළා.....

සද මා නම් සද සාවි මගේම නෙදෝ කියා...//
ආකාසේ තරු මල් ගානේ ආද‍රය තවරා එදා
මගෙ සිත වැලඳ පෙම් කළ මතක
අද  මෙහෙම ඇයි සගවලා.....

මෝනාලිසා සේම......

මගෙ ගීයේ පද පේළී වාගේම ඉන්නම් කියා...//
අපි ඒ නොඉදුල් සිහිනේප්‍රේමයට පුජා කළා
අද ඒ සුවඳ පරවුනු රහස පවසන්න
තව නොරිදවා....

මෝනාලිසා සේම.........
  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.