මේ අඳුර හොදයි මට ආලෝකයේ රැස් වැඩි හින්දාmee andura hodhayi mata aalookayee raes waedi hindhaa

Mey Adura Hodai Mata Alokaye Ras Wedi Handa

ගී පද

මේ අඳුර හොදයි
මට ආලෝකයේ රැස් වැඩි හින්දා
මේ තනිය හොදයි
මට ආදරයේ දුක් වැඩි හන්දා //

අදුරේ සැඟවුනු මා විමසන්නට
එපා එපා රැස් ඉරේ සදේ //
මා නෙතු විමසා කාට කියන්නද 
කවුරු අසන්නද මෙලෝ තලේ 

මේ අඳුර හොදයි ....

තනියේ කිමිදුනු මා මුදවන්ට
එපා එපා බස් සිනා මුවේ //
මා සිත වටලා ආල කතන්දර
පවුරු බිදින්නද මාගේ ලොවේ 

මේ අඳුර හොදයි ....