Lyrics
මේ අඳුර හොදයි
මට ආලෝකයේ රැස් වැඩි හින්දා
මේ තනිය හොදයි
මට ආදරයේ දුක් වැඩි හන්දා //
අදුරේ සැඟවුනු මා විමසන්නට
එපා එපා රැස් ඉරේ සදේ //
මා නෙතු විමසා කාට කියන්නද
කවුරු අසන්නද මෙලෝ තලේ
මේ අඳුර හොදයි ....
තනියේ කිමිදුනු මා මුදවන්ට
එපා එපා බස් සිනා මුවේ //
මා සිත වටලා ආල කතන්දර
පවුරු බිදින්නද මාගේ ලොවේ
මේ අඳුර හොදයි ....