ගී පද
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල
අපි දෙන්නා පැතුව පැතුම් ඔබට මතකද
වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර
උහුල ගන්න බෑ මටනම් තාම මේ දුක
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල......
අපි දෙන්නගෙ ප් රේමය සිහිවෙලා ඉස්සර
මටත් නොදැනි උනනවා දුක් බර කඳුලු කැට
සාප දෙන්නෙ කොහොමද මං ඉතින් ඔයාට
වාවගන්නෙ කඳුලැලි මං කොහොම කියන්න
ඔබම කියන්න.....
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල.......
කුලුඳුල් ප් රේමය මාගේ පුදකරා නුඹට
අවාසනාවට දෙතැනක තනි වෙලා අද
තාමත් මගෙ හිත ඇතුලේ දැවෙන ගින්දර
ඔබ මට දුන් ප් රේමය පිවිතුරුද කියන්න
පිවිතුරුද කියන්න......
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල
අපි දෙන්නා පැතුව පැතුම් ඔබට මතකද
වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර
උහුල ගන්න බෑ මටනම් තාම මේ දුක
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල..........