මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිලmeth boosath piliruwa langa maaligaawila

Meth Bosath Piliruwa

Lyrics

මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල
අපි දෙන්නා පැතුව පැතුම් ඔබට මතකද
වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර
උහුල ගන්න බෑ මටනම් තාම මේ දුක
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල......

අපි දෙන්නගෙ ප් ‍රේමය සිහිවෙලා ඉස්සර
මටත් නොදැනි උනනවා දුක් බර කඳුලු කැට
සාප දෙන්නෙ කොහොමද මං ඉතින් ඔයාට 
වාවගන්නෙ කඳුලැලි මං කොහොම කියන්න 
ඔබම කියන්න.....
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල.......

කුලුඳුල් ප් ‍රේමය මාගේ පුදකරා නුඹට
අවාසනාවට දෙතැනක තනි වෙලා අද 
තාමත් මගෙ හිත ඇතුලේ දැවෙන ගින්දර 
ඔබ මට දුන් ප් ‍රේමය පිවිතුරුද කියන්න 
පිවිතුරුද කියන්න......

මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල 
අපි දෙන්නා පැතුව පැතුම් ඔබට මතකද 
වෙන්ව ගිහින් ඔබ මා හට දුන්නු ගින්දර 
උහුල ගන්න බෑ මටනම් තාම මේ දුක 
මෙත් බෝසත් පිලිරුව ලඟ මාලිගාවිල..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.