ගී පද
(මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට...//)
(සරු පස පොළොවෙන්
වැහි බිඳු අහසෙන්...//)
මිණි කැට මුතු ඇට
මගේ සිරිලක ඇත...
මේ රට මගේ....
(මගේ සිරිලක ගැන
ලොවට කියමි මම....//)
සුර පුරයක් වෙන
ලොවේ මෙවැනි නැත...
මේ රට මගේ....
(එඩිතරකම ඇති
කම්මැලි කම නැති...//)
ළමයි සිටින රට
මගේ මේ සිරි ලක...
මේ රට මගේ....