මේ රට මගේ රටmee rata magee rata

Me Rata Mage Rata

Music:
ඔස්ටින් මුණසිංහostin munasinha
Lyrics:
මිරන්ද හේමලන්තmirandha heemalantha

Lyrics

(මේ රට මගේ රට  
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට  
මගේම මව් රට...//)

(සරු පස පොළොවෙන්
වැහි බිඳු අහසෙන්...//)
මිණි කැට මුතු ඇට
මගේ සිරිලක ඇත... 

මේ රට මගේ....

(මගේ සිරිලක ගැන
ලොවට කියමි මම....//)
සුර පුරයක්  වෙන 
ලොවේ මෙවැනි නැත...

මේ රට මගේ....

(එඩිතරකම ඇති  
කම්මැලි කම නැති...//)
ළමයි සිටින රට
මගේ මේ සිරි ලක...

මේ රට මගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.