ගී පද
මාව දකින්නට බැරි වෙන විටෙකදි
දුක හිතෙනා බව කිව්වා මතකද
ඔය නෙතු ළඟ පිපි කඳුළු බිංදු ගෙන
මගේ දෑස් මත තැබුවා මතකද
ඒ හැම දැනුනේ මගෙ මේ පපුවට
පුංචි පුංචිවට ලීව අකුරු පෙල
කියන්න බෑ මට බොඳවෙයි නිතරම
ලියන්න කොච්චර හැදුවත් මම තව
අතැගිලි වෙව්ලා සිත වැතිරෙයි අත
මේ දුක ඉවසන් ඉන්නේ කොහොමද
මාව දකින්නට බැරි වෙන විටෙකදි
දුක හිතෙනා බව කිව්වා මතකද
කියන්න වරදක් නැති බව දැන දැන
මගෙ හිත අතගා එයම සොයනවද
ඔයාට විතරක් ආදරේ කල සිත
සුදු මල් දෝතක් වාගෙයි හැම දින
තාමත් තියෙනවා ඉස්සර වාගෙම
මාව දකින්නට ....