මාව දකින්නට බැරි ‍වෙන වි‍ටෙකදිmaawa dhakinnata baeri wena witekadhi

Mawa Dakinnata Bari Wena Witekadi

Lyrics

මාව දකින්නට බැරි ‍වෙන වි‍ටෙකදි
දුක හි‍තෙනා බව කිව්වා මතකද
ඔය ‍නෙතු ළඟ පිපි කඳුළු බිංදු ‍ගෙන
ම‍ගේ දෑස් මත තැබුවා මතකද
ඒ හැම දැනු‍නේ ම‍‍‍ගෙ මේ පපුවට

පුංචි පුංචිවට ලීව අකුරු ‍පෙල
කියන්න බෑ මට ‍බොඳ‍වෙයි නිතරම
ලියන්න ‍කොච්චර හැදුවත් මම තව
අතැගිලි ‍වෙව්ලා සිත වැති‍රෙයි අත
‍මේ දුක ඉවසන් ඉන්නේ ‍කොහොමද

මාව දකින්නට බැරි ‍වෙන වි‍ටෙකදි
දුක හි‍තෙනා බව කිව්වා මතකද

කියන්න වරදක් නැති බව දැන දැන 
ම‍‍ගෙ හිත අතගා එයම ‍සොයනවද
ඔයාට විතරක් ආද‍රේ කල සිත
සුදු මල් ‍දෝතක් වා‍ගෙයි හැම දින
තාමත් ති‍යෙනවා ඉස්සර වා‍ගෙම

 මාව දකින්නට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.