ගී පද
මටත් ප්‍රේමය දැනුනා
මමත් ප්‍රේමයෙන් හැදුනා
සමහර තැන් හිත රිදුනා
මටත් ප්‍රේමය දැනුනා
අපි අපේ විතරයි කියා සිතුවාට
මම මගේ විතරයි කියා සිතුවාට
මටත් නැතිවග හැඟෙනවා
වෙනත් අයටත් අයිති වුනු තැන් තියෙනවා
මටත් ප්‍රේමය දැනෙනවා
අපේ නම් දෙක කලු ලෑල්ලක
එක ලඟින් ලියා තිබු හැටි මතක් වෙනකොට
තාම සතුටක් දැනෙනවා
තාම සතුටක් දැනෙනවා
අද මගේ නම වෙන කෙනෙක් ලඟ
අද ඇගේ නම තව කෙනෙක් ලඟ
(ජීවිතේටම ලියාගෙන අපි තැවෙනවා...///)