මටත් ප්‍රේමය දැනුනාmatath preemaya dhaenunaa

Matath Premaya Danuna

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

මටත් ප්‍රේමය දැනුනා
මමත් ප්‍රේමයෙන් හැදුනා
සමහර තැන් හිත රිදුනා
මටත් ප්‍රේමය දැනුනා

අපි අපේ විතරයි කියා සිතුවාට
මම මගේ විතරයි කියා සිතුවාට
මටත් නැතිවග හැඟෙනවා
වෙනත් අයටත් අයිති වුනු තැන් තියෙනවා
මටත් ප්‍රේමය දැනෙනවා

අපේ නම් දෙක කලු ලෑල්ලක
එක ලඟින් ලියා තිබු හැටි මතක් වෙනකොට
තාම සතුටක් දැනෙනවා
තාම සතුටක් දැනෙනවා
අද මගේ නම වෙන කෙනෙක් ලඟ
අද ඇගේ නම තව කෙනෙක් ලඟ

(ජීවිතේටම ලියාගෙන අපි තැවෙනවා...///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.