මංගල නැකතින්mangala naekathin

Mangala Nakathin

ගී පද

මංගල නැකතින් කුල ගෙදරට යන දියණියනේ
පති කුලයට අද පියවර මනින නැගණියනි 
ඔහුගේ අතගෙන දීගෙක යන මා යෙහෙළියනේ 
මේ සුබ මොහොතේ ආසිරි ගී මල් ඔබට සැලේ...//

ආලෝකය ඔබ වේවා දියණිය යන නිවසේ 
ප්‍රභාව වේවා නැගණි ඔබ පතිකුල පියසේ//
යෙහෙළිය ඔබමයි දීපය වන්නේ සිරි විමනේ 
පහනින් පහනක් දල්වන ජය පහන් වැටක් වේ 

මංගල නැකතින්...

පළමුව මිතුරි වේවා ඔහුගේ ළඟ සිටිනා 
සොයුරිය වේවා සිරි නිවසේ දුක සැප විඳිනා//
අම්මා ලෙස ඔබ නිවසට සිරිකත කැඳවනවා 
කුලගෙයි දිදුලන හිරු සඳු ලෙස ඔබ වැජඹේවා...

මංගල නැකතින්...