Lyrics
මංගල නැකතින් කුල ගෙදරට යන දියණියනේ
පති කුලයට අද පියවර මනින නැගණියනි
ඔහුගේ අතගෙන දීගෙක යන මා යෙහෙළියනේ
මේ සුබ මොහොතේ ආසිරි ගී මල් ඔබට සැලේ...//
ආලෝකය ඔබ වේවා දියණිය යන නිවසේ
ප්‍රභාව වේවා නැගණි ඔබ පතිකුල පියසේ//
යෙහෙළිය ඔබමයි දීපය වන්නේ සිරි විමනේ
පහනින් පහනක් දල්වන ජය පහන් වැටක් වේ
මංගල නැකතින්...
පළමුව මිතුරි වේවා ඔහුගේ ළඟ සිටිනා
සොයුරිය වේවා සිරි නිවසේ දුක සැප විඳිනා//
අම්මා ලෙස ඔබ නිවසට සිරිකත කැඳවනවා
කුලගෙයි දිදුලන හිරු සඳු ලෙස ඔබ වැජඹේවා...
මංගල නැකතින්...