මනාලීmanaalii

Manaali

පද රචනය:
ජීනු ධර්මකීර්තිjiinu dhharmakiirthi

ගී පද

මනාලී ඔයාගේ මං නේද ජීවිතේ 
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ 
මේ පාළු සීත රාත්‍රියේ ඔබාන මාව පපුතුරේ    
කියන්න ආයේ ආයේ ආදරේ  
මනාලී ඔයානේ මා ජීවිතේ උනේ 
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ 

කවිකාර කඳුලක් කීවා කතාවක් 
හිනැහෙන්න හැකිනම් ආයේ වතාවක් 
හිත නෑ මුලාවක් ඒ හීන යායක් 
බොරු නෑ කියන්නේ මං ආයේ පාරක් 
මීදුම් කඳුකරේ මං හෙව්වා හිතුමතේ 
ඒ පාට පාට හීන ආදරේ 

මනාලී ඔයානේ මා ජීවිතේ උනේ 
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ 

මේ භාවනාවෙන් සැනසෙන්නදෝ මං 
පේවී මලක් මෙන් ලඟ ඉන්නදෝ දැන් 
මේ ජීවිතේ මං නුඹ හා ගෙවන්නම් 
මතු ආත්මයේදිත් නුඹගේම වෙන්නම් 

කවලම් මතුරලා මා ප්‍රේමේ අතුරනා 
මේ පාට පාට හීන ආදරේ  
මනාලී ඔයාගේ මං නේද ජීවිතේ 
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ