Lyrics
මනාලී ඔයාගේ මං නේද ජීවිතේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
මේ පාළු සීත රාත්‍රියේ ඔබාන මාව පපුතුරේ
කියන්න ආයේ ආයේ ආදරේ
මනාලී ඔයානේ මා ජීවිතේ උනේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
කවිකාර කඳුලක් කීවා කතාවක්
හිනැහෙන්න හැකිනම් ආයේ වතාවක්
හිත නෑ මුලාවක් ඒ හීන යායක්
බොරු නෑ කියන්නේ මං ආයේ පාරක්
මීදුම් කඳුකරේ මං හෙව්වා හිතුමතේ
ඒ පාට පාට හීන ආදරේ
මනාලී ඔයානේ මා ජීවිතේ උනේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ
මේ භාවනාවෙන් සැනසෙන්නදෝ මං
පේවී මලක් මෙන් ලඟ ඉන්නදෝ දැන්
මේ ජීවිතේ මං නුඹ හා ගෙවන්නම්
මතු ආත්මයේදිත් නුඹගේම වෙන්නම්
කවලම් මතුරලා මා ප්‍රේමේ අතුරනා
මේ පාට පාට හීන ආදරේ
මනාලී ඔයාගේ මං නේද ජීවිතේ
සංසාරේ ඔයාටයි මං ආදරේ කලේ