ගී පද
දෑඟිලි පටලන් උන් කාලේ
සිතුවේ ඔබමයි දිව්‍යලෝකේ
දෙවියොත් විහිළුමයි මට කෙරුවේ
දිව්‍යලෝක නෑ මං අද පාරේ
ආදරේ කරලා හති වැටිලා
පැණි නෙමෙයි බොන්නේ මල් ඔතලා
හිත ඔහේ යද්දී පාවීලා ඔබ
මතක් වෙනවා හෙමිහිට ඇඬිලා.......
(මං දැන් ඉන්නේ ආකාසේ
කව්රුත් නෑනේ ගල් ගැහුවේ
යාළුවෝයි උස්සලා තිබ්බේ
ඔබ දැක දුකට හිනැහෙන්නේ.......//)
ඕනේ නෑ ළඟ ඉන්න දැන් යන්න
හිනාවෙන්න බැරි නං මං එක්ක
ඕනේ නෑ මට ඔබ හඬවන්න
අඬන්න වෙයි එදාට එන්න.....
මං දැන් ඉන්නේ......