මං දැන් ඉන්නේ ආකාසේman dhaen innee aakaasee

Man Dan Inne Akase

Music:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha
Lyrics:
තුලාජ් ජයසිංහthulaaj jayasinha

Lyrics

දෑඟිලි පටලන් උන් කාලේ 
සිතුවේ ඔබමයි දිව්‍යලෝකේ 
දෙවියොත් විහිළුමයි මට කෙරුවේ
දිව්‍යලෝක නෑ මං අද පාරේ
ආදරේ කරලා හති වැටිලා
පැණි නෙමෙයි බොන්නේ මල් ඔතලා
හිත ඔහේ යද්දී පාවීලා ඔබ 
මතක් වෙනවා හෙමිහිට ඇඬිලා.......

(මං දැන් ඉන්නේ ආකාසේ
කව්රුත් නෑනේ ගල් ගැහුවේ
යාළුවෝයි උස්සලා තිබ්බේ
ඔබ දැක දුකට හිනැහෙන්නේ.......//)

ඕනේ නෑ ළඟ ඉන්න දැන් යන්න 
හිනාවෙන්න බැරි නං මං එක්ක
ඕනේ නෑ මට ඔබ හඬවන්න
අඬන්න වෙයි එදාට එන්න.....

මං දැන් ඉන්නේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.