ගී පද
මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි
ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විෂ කටු ලය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවෙන විට
යා යුතු මඟ නිනව් නැතුව ඉහිළුම් නෑ මට
මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි
ප්‍රෙමය මද පවක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි නුඹෙසෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්‍නේ කෙලෙසද අන්සතු පෙමකට
මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි