මම නුඹට ආද‍රෙයිmama numbata aadhareyi

Mama Nubata Adarei

Lyrics

මම නුඹට ආද‍රෙයි නු‍‍ඹෙ‍ පෙමට ආද‍රෙයි
මට නැතුවට ඔහුට පුදන ‍පෙමට ආද‍රෙයි

‍‍ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විෂ කටු ලය පුරා ඇනී රිදුම් ලබන ‍කොට
‍දෝර ගලන නු‍‍ඹෙ‍ සෙ‍‍නෙහස ඔහු ‍‍වෙනුවෙන් කැපවෙන විට
යා යුතු මඟ නිනව් නැතුව ඉහිළුම් නෑ මට

මම නුඹට ආද‍රෙයි නු‍‍ඹෙ‍ පෙමට ආද‍රෙයි
මට නැතුවට ඔහුට පුදන ‍පෙමට ආද‍රෙයි

‍ප්‍රෙමය මද පවක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන ‍කොට
මුතු කුඩයකි නු‍ඹෙ‍සෙ‍නෙහස සදා නිවන ඔහු සරතැස
‍වෛර කරන්‍නේ ‍කෙ‍ලෙසද අන්සතු ‍පෙමකට

මම නුඹට ආද‍රෙයි නු‍‍ඹෙ‍ පෙමට ආද‍රෙයි
මට නැතුවට ඔහුට පුදන ‍පෙමට ආද‍රෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.