මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුවmama mawaa ganimi obe sinaa sapiri ruwa

Mama Mawa Ganimi Obe Sina Sapiri Ruwa

ගී පද

මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
හදේ කොනක රග දෙන්න ඔහේ
ඉහිපපා සිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජීවිතේ මගේ //

යුග ගනන් බැදී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩූ ටික කලට මෙසේ //
බල බිදිනු නොහැකි සිත් පවුර තනා ගමු
සෙනෙහෙ නමින් අපි දෙසිත මෙසේ

මම මවා ගනිමි ....

නැගිටුවා දිරිය දෙන හැගුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ //
සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ
බැදෙන පැතුම් සරු කරන් ලියේ

මම මවා ගනිමි ....//