Lyrics
මම මවා ගනිමි ඔබෙ සිනා සපිරි රුව
හදේ කොනක රග දෙන්න ඔහේ
ඉහිපපා සිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජීවිතේ මගේ //
යුග ගනන් බැදී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩූ ටික කලට මෙසේ //
බල බිදිනු නොහැකි සිත් පවුර තනා ගමු
සෙනෙහෙ නමින් අපි දෙසිත මෙසේ
මම මවා ගනිමි ....
නැගිටුවා දිරිය දෙන හැගුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ //
සිරිකතක් ලෙසින් සිරි ඉතිරි වතින් ඔබ
බැදෙන පැතුම් සරු කරන් ලියේ
මම මවා ගනිමි ....//