ගී පද
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබ ගෙන් සමුගන්නම්
(අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//)
ඔබ ගෙන් වෙන් වී මම යන්නම්
(නිදි නැති යහනේ රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ...//)
(සුළඟේ දැවටී ඔබට හොරෙන්...//)
මම ඔබ වෙත එන්නම්
(සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//)
ඔබ නිදි කරවා මම යන්නම්
(අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක් රඳවා...//)
(සුසුමක් වාගේ ඉන් පිටවී...//)
ඔබ ගෙන් වෙන් වෙන්නම්
(අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//)
(ඔබ ගෙන් වෙන් වී මම යන්නම්...//)