මළ ඉර බසිනා සැන්දෑ යාමේmala ira basinaa saendhae yaamee

Mala Ira Basina Sanda Yaame

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබ ගෙන් සමුගන්නම්
(අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//)
ඔබ ගෙන් වෙන් වී මම යන්නම්

(නිදි නැති යහනේ රෑ යාමේ
කාංසියේ ඔබ හිඳිනා වේලේ...//)
(සුළඟේ දැවටී ඔබට හොරෙන්...//)
මම ඔබ වෙත එන්නම්
(සියුමැලි දෑතින් ඔබ හිස අතගා...//)
ඔබ නිදි කරවා මම යන්නම්

(අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුලක්‌ රඳවා...//)
(සුසුමක්‌ වාගේ ඉන් පිටවී...//)
ඔබ ගෙන් වෙන් වෙන්නම්
(අඳුරට ඉඩදී අඳුරේ සැඟවී...//)
(ඔබ ගෙන් වෙන් වී මම යන්නම්...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.