ගී පද
චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974)
මල් වයසේ මගෙ නංගෝ
පෙම් බැදුනේ ඇයි නංගෝ
සඟවන්නේ ආයාසේ
කඳුළු ඔබේ දෑසේ
මල් වයසේ මගෙ නංගෝ
බාල වියේ සිට ළංවී
උන්නත් එක සෙවණේ //
තුරුණු වියේ ඔබ වෙන්වී
ඇයි ඔහු හා බැඳුනේ
මල් වයසේ ....
පාළු ලොවේ ඔබ සැංඟී
තනිවම ඉකිබින්ඳේ //
විරහ ළසෝ දුක ළංවී
ඔබ පිටුපෑ දිනයේ
මල් වයසේ ....