මල් වයසේ මගෙ නංගෝmal wayasee mage nangoo

Mal Wayase Mage Nango

Lyrics:
සෝමපාල ලීලානන්දsoomapaala liilaanandha

Lyrics

චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974)

මල් වයසේ මගෙ නංගෝ
පෙම් බැදුනේ ඇයි නංගෝ
සඟවන්නේ ආයාසේ
කඳුළු ඔබේ දෑසේ
මල් වයසේ මගෙ නංගෝ

බාල වියේ සිට ළංවී
උන්නත් එක සෙවණේ //
තුරුණු වියේ ඔබ වෙන්වී
ඇයි ඔහු හා බැඳුනේ

මල් වයසේ ....

පාළු ලොවේ ඔබ සැංඟී
තනිවම ඉකිබින්ඳේ //
විරහ ළසෝ දුක ළංවී
ඔබ පිටුපෑ දිනයේ 

මල් වයසේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.