ගී පද
මල් සුවඳ සිඹිමින් ඔබ දුන් ලේන්සුවේ
මම සිහින අහුලමි සයනයේ කාන්සියේ....//
තරු නෙත් වසා ඔබ මගේ ළමැදේ වැතිරෙනා මොහොතේ
මම රජ කෙනෙක් වෙමි ඔබේ සිහිලැල් ප්‍රේම රජ දහනේ
හැමතැන පෙනෙන්නේ ඔබේ ප්‍රිය මුහුණයි
නිරතුරු ඇසෙන්නේ ඔබේ මුදු වදනයි.....
මල් සුවඳ සිඹිමින්....
ලතැවුල් ලිහා සිත සඳුන් සුවඳින් සරසනා සොඳුරි
පණ ඇතිතුරා අපි වෙලී ඉමු මේ සීත පෙම් සිහිනේ....
හැමතැන පෙනෙන්නේ ඔබේ ප්‍රිය මුහුණයි
නිරතුරු ඇසෙන්නේ ඔබේ මුදු වදනයි.....
මල් සුවඳ සිඹිමින්....//