මල් සුවඳmal suwanda

Mal Suwanda

Music:
රෝහණ ධර්මකීර්තිroohana dhharmakiirthi
Lyrics:
ආනන්ද හෙවරන්හිදගේaanandha hewaranhidhagee

Lyrics

මල් සුවඳ සිඹිමින් ඔබ දුන් ලේන්සුවේ
මම සිහින අහුලමි සයනයේ කාන්සියේ....//

තරු නෙත් වසා ඔබ මගේ ළමැදේ වැතිරෙනා මොහොතේ
මම රජ කෙනෙක් වෙමි ඔබේ සිහිලැල් ප්‍රේම රජ දහනේ
හැමතැන පෙනෙන්නේ ඔබේ ප්‍රිය මුහුණයි
නිරතුරු ඇසෙන්නේ ඔබේ මුදු වදනයි.....

මල් සුවඳ සිඹිමින්....

ලතැවුල් ලිහා සිත සඳුන් සුවඳින් සරසනා සොඳුරි
පණ ඇතිතුරා අපි වෙලී ඉමු මේ සීත පෙම් සිහිනේ....
හැමතැන පෙනෙන්නේ ඔබේ ප්‍රිය මුහුණයි
නිරතුරු ඇසෙන්නේ ඔබේ මුදු වදනයි.....

මල් සුවඳ සිඹිමින්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.