මල් ලස්සන උනේ කොහොමmal lassana unee kohoma

Mal Lassana Une Kohoma

පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

මල් ලස්සන උනේ කොහොම 
සඳ ලස්සන උනේ කොහොම 
මලට සුවඳ  කොයින්දෝ
සඳ එළිය කොයින්දෝ....
 
තරහ නැති නිසා නපුරු නැති නිසා
මල් ලස්සන වෙනවා 
සැමට එක නිසා සතුට දෙන නිසා
මලට සුවඳ ලැබෙනවා....

මල් ලස්සන උනේ කොහොම 
සුමුදු ගති නිසා සිසිල ඇති නිසා 
සඳ ලස්සන වෙනවා 
සැමට එක නිසා සතුට දෙන නිසා 
මල් ලස්සන වෙන්නේ කොහොම....