Lyrics
මල් ලස්සන උනේ කොහොම
සඳ ලස්සන උනේ කොහොම
මලට සුවඳ කොයින්දෝ
සඳ එළිය කොයින්දෝ....
තරහ නැති නිසා නපුරු නැති නිසා
මල් ලස්සන වෙනවා
සැමට එක නිසා සතුට දෙන නිසා
මලට සුවඳ ලැබෙනවා....
මල් ලස්සන උනේ කොහොම
සුමුදු ගති නිසා සිසිල ඇති නිසා
සඳ ලස්සන වෙනවා
සැමට එක නිසා සතුට දෙන නිසා
මල් ලස්සන වෙන්නේ කොහොම....