ගී පද
මගේ සතුට අරන් ගියදා ඔබ යන්නම යන්න
මම තවම ඉන්‍නේ එනතුරු මග බලමින් නේද
මගේ වරදක් අහලා ඔය ලෙස හිතුවේ කොහොම
ඔබ එන්න කියා දෙන්නම් වැරදුන තැන මමම //
ඔබ ආදරයේ වේදනාව දන්‍නෙම නැතිද
මොනවා මට සිදුවුවත් මම ආදරේ ඔබට
නෙත තෙමන වදන් කියන්නැතුව ඉන්නම බැරිද
ඔය හිතෙට නැගෙන අදහස් නම් වැරදියි හොදද //
මගේ සතුට අරන් ....
මම කොච්චර කිවත් ඔබ පිලිගන්නෙම නැතිද
මගෙ හිතේ ඉන්නෙ ළඳුනේ ඔබ විතරයි නේද
සැඩ සුළඟ පවා ඔබ හට පරදින‍්නේ කොහොම
මම දන්නවා ඔය ආදරේ වැඩි හින්දයි නේද //
මගේ සතුට අරන් ....