මගේ රටට දළදා හිමි සෙවණයි magee ratata dhaladhaa himi sewanayi

Mage Ratata Dhalada Himi Sewanai

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
සුනිල් සරත් පෙරේරාsunil sarath pereeraa

ගී පද

මගේ රටට දළදා හිමි සෙවණයි 
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි 
උපතින් මා හට මේ හැම උරුමයි ....//

දළදා මැදුරේ රන්කොත මුදුනේ 
මිණි කිරණින් මුළු රටම අවදි වේ ...//
දෙදහස් වසරක මහරු අතීතය 
සීහ තේජසින් යළි පිබිදේ ...//

මගේ රටට දළදා හිමි සෙවණයි  .../

මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ 
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා 
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා ...//

මගේ රටට දළදා හිමි සෙවණයි .../
උපතින් මා හට මේ හැම උරුමයි///