Lyrics
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි ....//
දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ ...//
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ ...//
මගේ රටට දළදා හිමි සෙවණයි .../
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා ...//
මගේ රටට දළදා හිමි සෙවණයි .../
උපතින් මා හට මේ හැම උරුමයි///