ගී පද
මගේ කඳුළින් ඔබේ දෙනුවන්
දොවාලන්නට වරම් නෑ
මගේ දෙතොලින් ඔබෙ කඳුලැල්
නිවාලන්නට වරම් නෑ
සිතෙයි දෝතින් මලක් සේ ගෙන
ඔබේ සෙනෙහස වැළඳ ගන්නට
නමුදු පරසතු මලක් වී ඔබ
නොමැත මා හට සුවඳ දෙන්නේ
සිතේ ඇවිළෙන ඔබේ හදවත
මගෙ සුසුමින් නිවා ලන්නට
නමුදු අවසර නොමැති පියසෙකි
ඔබේ ලොව මට අත පොවන්නට